Artist of the week රොමේශ් සුගතපාල
ලියන ලද්දේ Administrator    2012 ජනවාරි 18 වෙනි බදාදා, 07:05    පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

dot-com-news

රොමේශ් හිතුවද "දිගු දෑස" මේ තරම් ජනප්රිය වෙයි කියලා?

මම ගොඩාක් ආසාවෙන් කරපු නිරමාණයක් ,තරුණ කට්ටය කැම්ති වෙවි කියලා හිතුවා...

අලුත් වැඩ මොනවද?

මගේ Band එකේ වැඩ වලට වැඩිපුර වෙලාවක් මහන්සි වෙනවා, අලුත් music video එකේ වැඩ ඉවරයි, ඒක ලඟදිම හැමෝටම බලන්න පුලුවන්, ඒ වගේම අලුත් Audio  එක ලගදිම Release  කරනවා.

පාසල් යන කාලේ ඉදලම xගීතයට කැමතිද?

ඔව්,මම ඉගෙනගත්තේ මහ නුවර කිස්xවුඩ් විද්‍යාලයේ ඒ කාලේ ගොඩාක් ගායන වාදන තරඟවලට ඉඳිරිපත් වෙලා ජයග්‍රහන ගොඩාක් ලබාගෙන තියනවා.මගේ පවුල් පසුබිම නිසා පොඩි කාලේ ඉඳලම සxගීතයට සෑහෙන ආසාවක් තිබුනා. ඒ අසාව උනන්දුව නිසාම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නත් අවස්ථාව ලැබුණා.

 

රොමෙශ්ගෙ පලවෙනි සිxදුව මොකක්ද?

"වසන්තයේ සිත සැලුනා" මගේ මුලම සිxදුව A/L කරලා ඉවර වෙලා University

යන්න කලින් කාලේ තමයි ඒක කලේ.

කාවුරු දැකලද කාලේ සිත සැලුනේ.....?

ඒ කාලේ සැහෙන අමාරුවෙන් තමයි කැමති කරගත්තේ.. තාමත් ඒ ආදරේ  ඒ විදියටම තියනවා.

තරුණ වයසේ ඉන්න ජනප්රිය කෙනෙක් විදියට රොමේශ් ගැනත් කට කතා එහෙම තියනවද?

කට කතා නම් ඇති මට ඒවනම් වැඩක්ම නැහැ,මාව හරියට අශ්‍රය කරන පිරිස දන්නවා මම කොහොම කෙනෙක්ද කියාලා, ඒ ටික මට හොඳටම ඇති. ජනප්‍රිය වුනහම ලැබෙන සමහර දේවල් නිසා වෙනස් වෙන කෙනෙක් නෙවෙයි මම. අපි ජනප්‍රිය අපේ රසික රසිකාවියන් නිසා ඒ අයවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා.

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 18 වෙනි බදාදා, 07:05 )